වායු මිශ්‍රණයක් සඳහා PV = nRT යන පරිපූර්ණ වායු සමීකරණය යොදා ගෙන එමඟින් එක් වායුවක මවුලික ස්කන්ධය ගණනය කිරීම මෙම ගැටළුව විසඳීමේ දී සිදු කෙරේ.
300K උෂ්ණත්වයේ දී සහ 1.0 × 105 Pa පීඩනයක දී , පරිමාව V වන දෘඩ භාජනයක් තුළ ස්කන්ධය 3.2 g වන ඔක්සිජන් වායු සාම්පලයක් පවතියි. පරිමාව V වන සම්පූර්ණයෙන් ම රේචනය කරන ලද තවත් දෘඩ භාජනයක් මෙම භාජනයට සම්බන්ධ කර භාජන දෙක තුළ තුළ වායුව පැතිරීමට ඉඩ හරිනු ලැබේ. අනතුරු ව සම්බන්ධිත භාජනවල උෂ්ණත්වය 400K තෙක් නංවනු ලැබේ. ඉන්පසු, එම උෂ්ණත්වයේදී ම, පීඩනය 2.0 × 105 Pa තෙක් ඉහළ නගින තුරු X වායුව සම්බන්ධිත භාජනවලට එකතු කරනු ලැබේ. මේ සඳහා අවශ්‍ය වන X වායුවේ ස්කන්ධය 8.8 g නම් X හි සාපේක්ෂ මවුලික ස්කන්ධය ගණනය කරන්න. මෙම වායු දෙක පරිපූර්ණ ලෙස හැසිරෙන බව සහ ඒවා එකිනෙක සමග ප්‍රතික්‍රියා නොකරන බව උපකල්පනය කරන්න. (O - 16) (ලකුණු 3.0 )